දෙළුම් ප්‍රභේද

                                      දෙළුම් ප්‍රභේද
                     ඉරානය,ඉරාකය,බංගලාදේශය,මැලේසියාව,ශ්‍රී ලංකාව,ඉන්දියාව වැනි රටවල් තුල වගා කරන අතර කේශීය කුලයේ ශාකාකි.

 බීජ ලබාගැනීම.
*  මව් ශාකයක් තෝරා ගැනීම (මෙම ශාකය වසර 1-3ත් අතර කාලයක් පැරණි විය යුතුය.)
*  මෙම ගසේ අවම ගෙඩි 100 -225 ත් අතර අස්වැන්නක් ලැබිය යුතුය.
*  මෙම ගසේ ගෙඩියක් ග්‍රෑම් 200 කට වැඩි විය යුතුය.
* කෘමි හානි,අනවශ්‍ය පළුදුවීම්,පිපිරීම්,අධික ලෙස තිත් හට ගැනීම් 100%කින් තොර නිරෝගිමත් ගෙඩියක් විය යුතුය.
*මෙවැනි ගෙඩි ගසෙහි මාස 4යි දින 15ක් හොදින් මේරීමට තිබය යුතු අතර අවම බීජ 300ක් වත් තිබිය යුතුය.

                                                 මෙසේ ලබාගන්න බීජ හානි නොවනසේ පවිත්‍ර කර පිරිසිදු ජලෙන්  සෝදා  (කිවුල් ජලයෙන් සේදීම සුදුසු නැත.)පවනේ දින 7ක් පමණ වේලා බීජ බදුනක අසුරා හොදින් වසා දින 50ක් පමණ බීජ සක්‍රිය වීම සදහා ගබඩා කර තැබිය යුතුය.ශ්‍රී ලංකාවේ මව් ශාක පිහිට ඇති ගොවිපල පුත්තලම් දිස්ත්‍රික්කයේ කන්ද කුලිය රජයේ කෘෂිකර්ම පර්යේෂණ මධාස්ථානයේය. 


දෙළුම් ප්‍රභේද
    
දේශීය ප්‍රභේදය
                             බීජ ශක්තිමත්ය,පොත්ත ගනකමින් වැඩිය,අඩු බීජ සහිත ප්‍රභේදයකි.

නිමාලි රතු ප්‍රභේදය
       ගෙඩි ප්‍රමාණය වැඩිය,බීජ ප්‍රමාණය වැඩිය,ලබාගත් හැකි යුෂ ප්‍රමාණය වැඩිය,ලෙල්ල ගනකමින් අඩුය,රතු පැහැ ප්‍රභේදයයි.


නිමාලි රෝස ප්‍රභේදය
          ගෙඩි ප්‍රමාණය වැඩිය,බීජ ප්‍රමාණය වැඩිය,ලබාගත් හැකි යුෂ ප්‍රමාණය වැඩිය,ලෙල්ල ගනකමින් අඩුය,රෝස පැහැ ප්‍රභේදයයි.

හිරුණි ප්‍රභේදය
           ගෙඩි ප්‍රමාණය අඩුය,බර ප්‍රමාණය අඩුය,බීජ අඩුය,බීජ ශක්තිමත් සාමාන්‍ය ප්‍රභේදයකි.

දයා ප්‍රභේදය
         ගෙඩි අඩුය,බර අඩුය,යුෂ අඩුයි,බීජ ශක්තිමත්ය.සාමාන්‍ය ප්‍රභේදයකි.



                                       වගාව සදහා සුදුසු ප්‍රභේදය නිමාලි රෝස හා රතු ප්‍රභේදයයි. අප දේශගුණයට,පසට,අඩු ජාල ප්‍රමාණයකින් වගා කළ හැකි කෘමි හානි අඩු හා වැඩි ආයුෂ ඇති ප්‍රභේදයක් ලෙස හැදින්විය හැක. 




Comments

Popular posts from this blog

දෙළුම් වගාව

දෙළුම් වල ගුණ