Posts

Showing posts from December, 2017

දෙළුම් වගාව

Image
දෙළුම්  ( Pomegranate) උද්භිද විද්‍යාත්මක නාමය  -  පූනිකා ග්‍රැනටම්   (Punica granatum)   කුලය - පූනිකේසියේ ( Punicaceae) පූනිකේසියේ  Punicaceae  නම් ශාක කුලයට අයත් දෙළුම් ගස සම්භවය වී ඇත්තේ ඉරානය ආශ්‍රිත මධ්‍යම ආසියානු ප්‍රදේශයේය. ආනාදිමත් කාලයක සිට මෙම භෝගය, ආසියාව, යුරෝපය හා අප්‍රිකාවට අයත්වන මධ්‍යධරණි රටවල වගා කරනු ලැබේ. ක්‍රිස්තු පූර්ව පළමු සියවසේදී පමණ මධ්‍යම හා දකුණු ඉන්දියාව වෙත හඳුන්වාදී ඇති දෙළුම් ගස දැන් පාකිස්තානය සහ ඉන්දියාවේ සෑම ප්‍රදේශයකම පාහේත්, බොහෝ අග්නිදිග ආසියානු රටවලත් වගාවේ. අතීතයේ සිටම වටිනා පලතුරක් මෙන්ම ඖෂධීය ශාකයක් ලෙස විශේෂයෙන්ම ලංකාවේ ගෙවතුවල දෙළුම් ශාකය වගා කෙරේ. ගසේ හුරුබුහුටි බව හා වසරේ වැඩි කාලයක් මල් හටගැනීමේ හැකියාව නිසා විසිතුරු ශාකයක් ලෙසද දෙළුම් සඳහා ඉල්ලුමක් පවතී. එසේම විසිතුරු ශාක ලෙස පමණක් වවන දෙළුම් ප්‍රභේදද ඇත. ලංකාවේ විවිධ ප්‍රදේශවල දෙළුම් ශාකය දැකිය හැකි වුවද වගාවක් ලෙස එය ව්‍යාප්ත වී ඇත්තේ සුදුසු ප්‍රභේද නොමැතිවීමත්, ලෙඩ රෝග හා කෘමි හානි අධික වීමත් නිසාය. ලංකාවේ දෙළුම් ශාකය ගෙවතු වගාවක් ලෙස වැඩි වශයෙන් ...

දෙළුම් වල ගුණ

Image
දෙළුම් යනු කොපමණ ආහාරයට ගත්තද සෑහීමක් ඇති නොවන රසම රස බෙහෙත් ගබඩාවකි . දෙළුම් ඔබට වෛද්‍යවරයකු කරා යාමේ අවශ්‍යතාවය නැත්තටම නැති කරාවි. එය එපමණටම ගුණ ඖෂධයකි.  පලතුරකි.  ලතින් බසින් දෙළුම් හඳුන්වනනේ ඇපල් ඇට ලෙසයි. ඊසාන දිග ඉරානය නිජ බිම කර ගත්ත ද ඉන්දීයාවේ හිමාල පෙදෙසේත් දුරාතීතයේ සිටම මෙය ජනපි‍්‍රය පලතුරකි. අදත් ඉහළම වර්ගයේ දෙළුම් රස විඳින්න ලැබෙන්නේ ඉරානයෙනි. දෙළුම් යුෂ ,  පලතුරු අතර ජනපි‍්‍රයම පානයකි. අයිස් කී‍්‍රම් ,  යෝගට් වැනි ආහාර දෙළුම් ඇට එක්කර  ගැනීමෙන් රස මෙන්ම ගුණය ද වැඩිවෙයි.                                                                                                                       විද්‍යාත්මක  වර්ගිකරණයට අනුව Kingdom  : Planta...